මල්වර
ඈත පුරාණයේ සිටම දැරියකගේ ප්‍රථම මල්වර වීම ඉතා වැදගත් කොට සලකනු ලබයි. එය මංගල අවස්ථාවක් ලෙස සලකා ඒ නිමිත්තෙන් උත්සව පවත්වතී. මල්වර වන වේලාව අනුව ඇගේ අනාගතය පිළිබඳ වැදගත් සිද්ධීන් තීරණය වන බවත් එය ගැහැණු ළමයෙකුගේ දෙවන උත්පත්තියක් ලෙසත් සලකති. ඒ නිසාම දැරියක මල්වර වු විගස දෛවඥ මහතෙකු වෙත ගොස් මල්වර වු වේලාවේ ශුභාශුභ විමසා බලා දෛවඥ මහතා දෙනු ලබන ජ්යෝතිශමය උපදෙස් අනුව දැරිය ස්නානය කරවීම ආදිය දෙමව්පියන් විසින් සිදුකරනු ලබයි.
මල්වර ඵල විනිශ්චය සඳහා භවිතා කරන ක්‍රම 2ක් ඇත.
- කිසියම් අයෙකු විසින් මල්වර ඵල දැනගනු රිසියෙන් බුලත් හුරුල්ල පිළිගන්වන අවස්ථාවේ උපතක් සිදුවූවා සේ සලකා සකස් කරනු ලබන කේන්ද්‍රය අනුව පලාඵල කීමයි.
- බුලත් හුරුල්ල පිළිගැන්වූ පසු මල්වරය සිදුවූ නියම වේලාව කුමක්දැයි තෝරාගෙන ඒ අනුව සකස් කරන ලද කේන්ද්‍රය පරීක්ෂා කොට පලාඵල කීමයි.
- මින් වඩාත් නිවැරදි වන්නේ මල්වරය සිදුවූ නියම වේලාව කුමක්දැයි හරිහැටි පැහැදිලි කරගෙන පලාඵල කීමයි.
ස්නානය සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය
රත් හඳුන්, මුරුවා මුල්, වියලි ඉඟුරු, අමුකහ, වදකහ, කලාදුරු අල, ජටාමාංශ, සපුමල්, කැකුළු,සුවදකොට්ටම්, රතන සමන් පිච්ච මල් මේවා සමව ගෙන නැවුම් කලයකට දමා වතුර පුරවා ගින්නෙන් කකාරවා දැරියගේ මව විසින් ස්නානය කරවන්න. දෝෂ භංග වේ.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබගේ දියණියගේ මල්වර පලාඵල හා නැකැත් සාදා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු අපවෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදිය යුතු තොරතුරු
- උපන් දිනය
- උපන් වේලාව
- උපන් ස්ථානය
- ලග්නය
- නවාංශකය
- මල්වර වූ වේලාව ආසන්න වශයෙන්
- මල්වර වූ ස්ථානය
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.