ජන්ම පත්‍ර
ජන්ම පත්‍රයක් කේන්ද්‍ර සටහනක් ලෙසද හඳුන්වයි. ජන්මාන්තර වෛරක්කාර, ජන්ම ගති, යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්ම යන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.
ජන්මියෙකුගේ ජන්ම පත්‍ර පරීක්ෂාවේදී කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වාම විස්තරාත්මකව විස්තරයක් සිදුකළ හැකිය. මිනිසා ගතකරන ජීවිත කාලය තුළ නොයෙකුත් අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. එම අවස්ථාවලදී බොහෝ විට අපි ශුභ කාලහෝරා නැකැත් භාවිතා කරමු. මෙම කාලහෝරා හා නැකැත් පිළියෙල කරගැනීමට අදාළ පුද්ගලයාගේ කේන්ද්‍ර සටහන අවශ්‍ය වේ. ලග්නයට අමතරව ජන්ම පත්‍රය සකස් කිරීමේදී චන්ද්‍රයා සිටින රාශියට හා උපදින අවස්ථාවේ ගතවන මහ දශාව අනුව නැකැත් හිමිවේ. නැකැත් 27 කින් යුක්ත වේ. ඒවා ප්‍රධාන වශයෙන් ශුභ මුහුර්ථ සාදනයට භාවිතා කරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂය සේවාව මඟින් ඔබට අවශ්‍ය අලුත් ජන්ම පත්‍රයක් සකස් කර ගැනීම හෝ තිබෙන ජන්ම පත්‍රයක පලාඵල දැනගැනීමට පහත සඳහන් තොරතුරු අප වෙත Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් ලබාදී ඔබ ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතුයි.
Hirukirana.lk මඟින් සිදුකරන සේවාවන් සඳහා ඔබ විසින් අප වෙත ලබාදිය යුතු තොරතුරු
- උපන් දිනය
- උපන් වේලාව
- උපන් ස්ථානය
- නම
- ජන්ම කේන්ද්‍රයක් තිබේනම් – ලග්නය – නවාංශකය
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ඒවා ගෙවියයුතු ආකාරය පිළිබඳ තොරතුරු ඔබ අප සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබගේ කාර්යයන් අනුව ලබාදීම සිදුකරනු ලබයි.
හිරුකිරණ ජ්‍යෝතිෂ සේවාව මඟින් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ගේ විශ්වාසය, නිවැරදි බව හා නිසි වේලාවට ලබාදීම මෙන්ම ඔබ ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත සේවාවක් ඔබ වෙත ලබාදීම අපගේ ප්රමුඛ කාර්යයයි.