ජ්‍යෝතිෂ ශාස්ත්‍රය
කර්මය අත්මය කොටගත් උසස් තාරකා විද්‍යාවක් ලෙස ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැක. මිනිසා විසින් පෙර කලාවු කුසල අකුසල කර්මයන් මෙලොවදී විපාක දෙන අයුරු හා කාලවකවානු පෙන්වන කැඩපතකි.
හිරුගේ සහ සදුගේ ගමනද තාරකාවන්ගේ චලනය වන රටාවන්ද එය සිදුවන කාලයද අනුව නිර්මාණය වු ඉසිවර ඥානයක් ලෙස ජ්‍යෝතිෂය හැඳන්විය හැක.
ජ්‍යෝතිෂ විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 5 ට බෙදා වෙන්කළ හැක.
1 . මිනිසා උපතේදී අහසේ උදාව පවතින රාශියට අනුව යෙදී ඇති ග්‍රහයන් භාවනානුගතව පිහිටුවා සකස් කරගන්නා ජන්ම පත්‍රයට අනුව පලාපල පැවසීම ජන්ම කේන්ද්‍ර ජ්‍යෝතිෂය නම් වේ.
2. මිනිස් සිරුරේ දක්නට ලැබෙන විවිධඅවයවයන්ට අනුව බලපාන ග්‍රහ තත්ව හා එම කොටස්වල ඇතිවෙන රෝගපීඩා ආදියට ග්‍රහයන්ගේ බලපෑම කෙසේදැය විමසීම වෛද්‍ය ජ්‍යෝතිෂය නම් වේ.
3. ශුභ නැකැත් හා හෝරා දීම හා අශුභ වේලාවන් මගහැර ශුභ කටයුතු කිරීමට අනුබල දීම නක්ෂත්ර ජ්‍යෝතිශය යි.
4. එසේම පරිසරයේ අතිවන වෙනස්වීම් පිළිබදව කල් ඇතිව අනාවැකි ප්‍රකාශ කිරීම ලෝකායන ජ්‍යෝතිෂය යි.
5. කිසියම් වෙලාවක එම මොහොතේ පවතින ග්‍රහ පිහිටීම හා ග්‍රහ තත්වයන් විග්රහ කොට කිසියම් ප්‍රශ්නයකට විසදුම් ලබාදීම තත්කාල ජ්‍යෝතිෂය යි. මෙය පලාපල කථනය සඳහා භාවිතා කරයි.
ඒ අනුව ජන්මියාගේ කේන්ද්‍රයේ කොටු 12 කින් එම ජන්මියාගේ ජීවිතයේ විවිධ වූ පැතිකඩයන් උපතේ සිට මරණය දක්වා වූ බහුවිධ අවස්ථාවන් විග්රහ කර දක්වයි.
• පළමු කොටුව (ලග්නය ) – උපත ,හැඩරුව ,ගතිගුණ
• දෙවන කොටුව (ධනස්ථානය ) – ලැබීම් ,රැකියා ,දෙවන විවාහය
• තෙවන කොටුව (වික්‍රමස්ථානය ) – සහෝදර සහෝදරියන්
• හතරවන කොටුව (බන්ධුස්ථානය ) – මව, මව්පස ඥාතීන්, නිවාස, දේපළ, ඉඩම්, යානවාහන
• පස්වන කොටුව (පුත්‍රස්ථානය ) – අධ්‍යාපනය , දරුවන්
• හයවන කොටුව (රෝගස්ථානය ) – රෝග, අනතුරු ,පීඩා
• හත්වන කොටුව (කලත්‍රස්ථානය ) – අන්තර් සම්බන්ධතා, විවාහය, සැමියා,බිරිඳ,ස්වයං රැකියා
• අටවන කොටුව (මෘථුස්ථානය ) – මරණය, පෙර පව් ,අනතුරු, හදිසි ධනලාභ
• නවවන කොටුව (පූර්ව පුණ්‍යස්ථානය ) – පියා, පියාගේ දේපළ,පෙර පින්
• දසවන කොටුව(රැකියා ස්ථානය ) – රැකියව, ජීවන වෘත්තිය.
• එකලොස්වන කොටුව (අයස්ථානය ) – ලැබීම්, වාසනාව, භාග්‍යය.
• දොළොස්වන කොටුව (වැයස්ථානය ) – ගෙවීම්, වැයවීම්, කැපවීම්, අනතුරු.
ජන්මියාගේ මෙම ආකෘති කේන්ද්‍ර සටහන දෙස බලා එම ජන්මියාගේ උපතේ සිට මරණය දක්වාම අතීතයේදී සිදු කළා වූ කුසල අකුසල කර්මයන්ට අනුව වර්තමනයේ ගතකරන ආකාරයත් අනාගතයේදී මුහුණදීමට වන සුභවාදී හා අසුභවාදී කටයුතු පිළිබඳව විග්‍රහයක් මැනවින් සිදුකරනු ලබයි.
ඒ අනුව ජන්මියාගේ සුභ කාලවකවානු වලදී සුභ කටයුතු සිදුකරමින් වඩාත් යහපත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටත් අසුභ කාලවලදී එම කාලවකවානු නිවැරදිව හදුනාගනිමින් ඒවාට ප්‍රතිකර්ම ලෙස කුසල කටයුතු සිදුකිරීමෙන් එම අකුසල් කර්ම වලින් ලබාදීමට නියමිත අසුභයන් මඟහරවා ගැනීමට ප්‍රතිකර්ම සිදුකරන ආකාරය පිළිබඳ උපදේශණයන් ලබාදීම, හිරු කිරණ ජ්‍යෝතිෂය සේවය මඟින් සිදුකරනු ලබයි.
පාරම්පරික ජ්‍යෝතිෂ විද්‍යා ගුරුකුලවලට අනුගත වෙමින් පුරාවසර 40 ක් පුරාවට ශ්‍රී ලාංකික ජනතාවට මාහැඟි ජ්‍යෝතිෂය සේවාවක් ලබාදුන් G.D. කුලසිංහ වන මාගේ ජ්‍යෝතිෂය දැනුම හා අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයාම අරමුණු කරගනිමින් නව තාක්ෂණය හා අනුගත වෙමින් මාගේ ආදරණීය දියණිය වන G.D.H. පූර්නිමා දියණියද ඔබගේ සියලු ජ්‍යෝතිෂය සේවාවන් ලබාදීම සඳහා ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ඔබට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඔබට පහසු වෙලාවක ඔබට අවශය සියලුම ජ්‍යෝතිෂය කටයුතු ඉතා පහසුවෙන් හා ඉක්මනින් විශ්වාසදායි හා සහනදායි මිලකට ඉටුකර ගැනීම සඳහා අපගේ නවතම වෙබ් අඩවිය වන hirukirana.lk වෙත පිවිසීමෙන් Whatsapp ,Viber , imo , Messenger හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ විය හැක.